මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

2024 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා ප්‍රකාශ කරනවා.

දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටද යන්න අවසන් තීරණයකට එළඹ නැතිවුවත් උත්තරීතර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුළ පවතින බව ජාතික සංවිධායකවරයා පවසනවා.

එසේම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ දැනටමත් එක්ව කටයුතු කරන නිසා උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවට ජාතික සංවිධායක එම්.එස්.තවුපික් මහතා වැඩිදුරටත් සඳහන් කළා.