වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීමට ජනපතිට බැහැ – අගමැති කියයි

ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකි බව සහ පොලිස්පති ධුරය පුරප්පාඩු නොවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මැතිවරණ කොමිසම් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය නිවේදනය කර ඇති මොහොතක වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන නොමැති බව අගමැතිවරයා සඳහන් කරනවා.

තවමත් පොලිස්පති ධුරය දරන්නේ වත්මන් පොලිස්පතිවරයා බවයි අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේ.