නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා ජිවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 81ක් වූ බවයි සඳහන් වන්නේ.
වාමාංශික දේශපාලන නායකයෙකු වූ ඒ මහතා කම්කරු සටන් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වු අතර ඒ වෙනුවෙන් සිරගතවීමට පවා ලක්වුණා.
ඔහුගේ අභාවය මෙරට වාමාංශික දේශපාලනයේ එක් පරිඡේදයක අවසානය සනිටුහන් කරනවා.