නුවරඑළිය නගරයේ ඉදිකිරීම් ගැන අලුත්ම තීරණයක්

මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් එම තීරණය ගෙන ඇත.

පසුගියදා ජනාධිපතිවරයා විසින් නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවනිත අතර එමගින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

එම නිසා එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.
එබැවින්, එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත. ඒ අනුව, අදාළ සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්ම සකස් කිරීමටත්, නව ගොඩනැඟිලි ඉදි කිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යසාධක බලකායක් පත් කිරීමට ද තීරණය කර තිබේ.

එමෙන්ම 2023­05‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැඟිලි ඉදි කිරීම සීමා කරමින් නාගරික සංවර්ධන අධිකාරිය පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමටත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *