දැඩි තර්ජන මැද ක්ලබ් වසන්තගේ සිරුර මහජන ගෞරවයට තැබීම අද සිට

අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (12) පෙරවරුවේ සිට අවස්ථාව ලබා දී තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ විදෙස් රටක සිට ලැබුණු ඇමතුමකින් කරන ලද තර්ජන නිසා දේහය තැන්පත් කර ඇති බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාව වටා දැඩි ආරක්ෂාවක් යොදවා තිබීම දැකගැනීමට හැකිවනවා.

එම ඇමතුමෙන් අනතුරු අඟවමින් පවසා තිබුණේ යම් අයුරකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටයි.