උතුරු නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරමාලාවක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සිද්ධියෙන් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 43දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
වාහ උත්සවයක්, අවමංගල උත්සවයක් සහ රෝහලක් ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා (29) එම ප්‍රහාරමාලාව එල්ල කර ඇති අතර, එය මරාගෙන මැරෙන බෝම්බකාරිනියන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයක් බවට එරට පොලිසිය සැක පළ කරනවා.
මිය ගිය පිරිස අතර දරුවන් හා ගැබිනි කාන්තාවන් ද සිටින බවයි නයිජීරියානු පොලිසිය ප්‍රකාශ කරන්නේ.
බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාර ගෙන නොමැති අතර, මීට පෙර එවැනි ප්‍රහාර සිදු කර ඇති නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වන බටහිර අප්‍රිකානු ප්‍රාන්ත ත්‍රස්තවාදී සංවිධානය විසින් මේ ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවට එරට ආරක්ෂක අංශ අනුමාන කරන බව වැඩිදුරටත් වාර්තා වනවා.