දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සියල්ලන් දැවී පන්දුවාර 11.5කදී ලකුණු 56ක් ලබාගත් අතර දකුණු අප්‍රිකාව පන්දුවාර 8.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.