පියා සඟවා ගෙන සිටි ගිනි අවියකින් පුතා කටට වෙඩි තියාගෙන

ගම්පොළ ප්‍රදේශයේ උසස් පෙළ පාසල් සිසුවෙක් වෙඩිතබා ගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බී.ආර්.ජී. කුලසේකර නමැති 18 හැවිරිදි ගණිත අංශයෙන් මහනුවර ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ සිසුවෙක්.

ඔහුගේ මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පුද්ගලික අංශයේ සේවය කරන්නෙක් බවයි වාර්තා වෙන්නේ.

මව උදෑසන රැකියාවට යෑමට සූදානම් වූ පසු ඇයට වැඳ අදාළ සිසුවා කාමරය වෙත ගොස් ඇති කාමරයේ දොර අගුල් දමාගෙන ඇති බවත් අනතුරුව පතොරම් තුවක්කුවකින් මුඛයට වෙඩිතබා ගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

සිය දිවි නසා හැනීමට යොදාගත් එම ගිනි අවිය මිය ගිය සිසුවාගේ පියා සතු එකක් බවත් ඔහු මෙම ගිනිඅවිය සඟවා තිබිය දී එය සොයා ගෙන ඉන් වෙඩිතබා ගැනීම සිදු කරගෙන තිබූ බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද නිවසියන් පවසනවා.

මිය ගිය සිසුවාගේ එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනු ලබනවා.