ඇමතිධූර ගන්නා පුවත ගැන පාඨලී කට අරී – ෆේස්බුක් පිටුවට එක් කළ සටහන මෙන්න

පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බවට ෆේස්බුක් මාධ්‍ය පිටුවක සහ ඉංග්‍රීසි පුවත්පතක පළ වූ පුවතක් සාවද්‍ය යැයි පෙන්වාදෙමින් ඒ සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාගේ ෆේස්බුක් පිටුවට සටහනක් යොමු කර තිබෙනවා.

2024 ජූනි 25 වැනි දින ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවක පළ වූ “රාජිත – චම්පික සහ ෆොන්සේකා ජනපති සමඟ එක් වෙති..? තිදෙනාටම අමාත්‍යධූරත් සූදානම්..?” නැමති පුවත සහ ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක “Another Cabinet Reshuffle” යන ශීර්ෂයෙන් පළ වූ පුවතෙහි අන්තර්ගත කරුණු අසත්‍ය බව පෙන්වාදෙමින් පාඨලී මහතාගේ ෆේස්බුක් පිටුවට එම සටහන යොමු කර තිබෙනවා.

අදාළ කරුණු පදනම් විරහිත බවත්, අමාත්‍යධූර භාරගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එම සටහනෙහි දැක්වෙනවා.

“එක්සත් ජනරජ පෙරමුණ ලෙස, අපි පුද්ගලික වාසි පසුපස හඹා නොයා මහජනතාවගේ ගැටළු විසඳීමට අපගේ කැපවීම අඛණ්ඩව පවත්වා ගෙන යන්නෙමු” යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.