ඇෆ්ගනිස්ථානය හමුවේ කැන්ගරුවන් දණ ගසයි – සුපිරි ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට අද (23) හිමි වුණා.

එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඇෆ්ගනිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියාවට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 127ක් පමණයි.