පාකිස්තානය පරදා ඉන්දියාව ලකුණු 6කින් ජය ගනී

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් කතාබහට ලක්වන තරගයක් වන ඉන්දු – පාකිස්තාන තරගයේ ජයග්‍රහණය ඉන්දියාව සතු වුණා.

තරග ආරම්භයේදී සහ ඉන්දීය ඉනිම අතරේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක බාබර් අසාම් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඉන්දියාවට පන්දුවාර 19කදී සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 119ක් පමණයි.

ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව ලකුණු 6කින් ජය ගත්තා.