ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසනවා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම් ඉක්මණින් එළඹෙනු ඇති බවට දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12වනදා රැස්වීමට නියමිත අතර එහිදී දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවත් එම ප්‍රකාශිකාව සඳහන් කළා.