පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනා ඇතුළු සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
එම සැකකරුවන් ජුනි මස 19 වනදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගතකර ඇත්තේ පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එසේම පහරකෑමට ලක්වූ කුඩා දරුවා පරිවාස භාරයට ලබාදී තිබෙනවා.
එම සිද්ධියට අදාළ සැකකරුවන් අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.