පසුගිය සෙනසුරාදා අවසන් වුණ ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 8ට ආරම්භ වුණා.
ඡන්දය ගණනය කිරීම ආරම්භ කළ මොහොතේ සිටමඑහි ප්‍රතිඵල ද නිකුත් වෙමින් පවතිනවා.
ගොඩක් දෙනෙක් අපේක්ෂා කළ ආකාරයටමමෙවර මැතිවරණයෙන් පෙරමුණ ගෙන ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයයි.
නමුත් මැතිවරණ කොමිසම නිකුත් කළ නිල නොවන ප්‍රතිඵලවලට අනුව මෝදිගේ සන්ධානය දිනාගෙන ඇත්තේ ආසන 291ක සුළු බහුතරයක් පමණයි.
පසුගිය මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය උත්තර් ප්‍රාන්තයේ ආසන 80න් 62ක්ම ජයග්‍රහණය කළත් මෙවර එහිදීද කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට ඉන්දියා සන්ධානය සමත්ව තිබෙනවා.
එහි ආසන 80න් 45ක් ඉන්දියා සන්ධානය ජයග්‍රහණය කරන විට මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට ජයග්‍රහණය කරන්න හැකිවෙලා තියෙන්නේ ආසන 34ක් පමණයි.
ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධි, මෙවර මැතිවරණයට ඉදිරිපත්වන්නේ රායි බරේලි ආසනයෙන්.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සන්ධානයේ ආසන 39කින් 37ක්ම ජයග්‍රහණය කරල තියෙන්නේ ඉන්ඩියා සන්ධානයයි.
මේ වන විට ඉන්දීය සන්ධානයේ කොංග්රස් නායක රාහුල් ගාන්ධි ඔහු තරග කරන ආසන දෙකෙන්ම ඉදිරියෙන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මාධ්‍ය විශ්ලේෂකයින් මුලින් පවසා තිබු අනාවැකි වියැකී යන ආකාරයක් මේ මොහොතේ දැකගැනීමට ලැබෙනවා.
දකුණු දිග කේරළ ප්‍රාන්තයේ වයනාද් හි ඔහු ඡන්ද 350,000කට වඩා ඉදිරියෙන් සිටිනවා.