සතියක් බාර් වැසෙන ප්‍රදේශ මෙන්න

ජුනි මස 18 වනදා සිට 24 වැනිදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව එම කාලසීමාව තුළ මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි සියලුම සුරාසැල් වසා තැබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ජාතික පොසොන් උත්සවය නිමිති කරගෙන එම දිනවල සුරාසැල් වසා තැබෙන බවයි.