රථ වාහන ආනයනයට ‘ජනපතිට ලැබුණු’ නිර්දේශ මෙන්න

රථ වාහන ආනයනය සඳහා යළි අවසරය ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද අමාත්‍යංශ කමිටුවේ නිර්දේශ මේ වන විට මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර අදියර හතරක් යටතේ වාහන ආනයන තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා කාල රාමුවක් ද මෙම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති බව ත් අනාවරණය වන අතර මේ පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් අදාළ තත්ත්ව විමසා බලා ගනු ලබනු ඇති බවත් සඳහන් .

මුලින් ම වාණිජ වාහනත්, දෙවනුව පොදු ප්‍රවාහන සේවා රථ සහ එයින් අනතුරුව යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ අවසානයේ මෝටර් රථ සහ සුඛෝපභෝගී රථ ආනයනය සම්බන්ධයෙන් ද නිර්දේශ ලබා දී ඇති බව වාර්තාවනවා..