මේ දකින්නේ එළවළු හිඟයක පෙරනිමිති(PHOTOS)

දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග එළවළු වගාවන් විනාශ විම හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි වීම මත එළවළු මිල ඉහළ ගොස් ඇති බවත්, හිඟයක් ඇතිවිමේ අවධානමක් ඇති බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසනවා.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුසිල් ශාන්ත සහ ලේකම් ගුණසේකරන් ශිවා යන මහතුන් කියා සිටියේ , ගෝවා කිලෝවක ගැණුම් මිල රුපියල් 70 ක් ද කැරට් කිලෝවක ගැණුම් මිල රුපියල් 120 ක් ලික්ස් කිලෝවක ගැණුම් මිල රුපියල් 300 ක් ද රාබු කිලෝවක ගැණුම් මිල රුපියල් 80 ක් ද බිට්රුට් කිලෝවක ගැණුම් මිල රුපියල් 320 ක් ද අර්තාපල් කිලෝවක ගැණුම් මිල 280ක් වශයෙන් ද වශයෙන් ඇති බවයි.