කසිප්පු ව්‍යාපාරිකයාගේ ගෙදර කසිප්පු බොන පොලිසිය

බිංගිරිය ප්‍රදේශයේ පිහිටි කසිප්පු ව්‍යාපාරිකයෙකුගේ නිවසට ගොස් කසිප්පු පානය කරමින් සිට ඇති බව පවසන බිංගිරිය පොලිසියේ සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වනවා.

අදාළ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා බිංගිරිය ප්‍රදේශයේ පදිංචි නීති විරෝධී ක්‍රියා කිරීමට ප්‍රසිද්ධියක් උසුලන්නකුගේ නිවසට ගොස් මත්පැන් පානය කරමින් සිටින බවට බිංගිරිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් නිවෙස වටලා තිබෙනවා.

එම වැටලීම සිදුකරන අවස්ථාවේ එම නිවසේ කසිප්පු පානය කරමින් සිටි බවට පවසන පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණි යතුරුපැදිය එහි දමා පලා ගිය බව ආරංචි මාර්ග පවසනවා.

පසුව එම යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.