ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජුනි මස 9වනදා අමෙරිකාවේ නිව්යෝක්හිදී ආරම්භ වීමට නියමිතයි.
එම ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන T 20 තරගයේ ප්‍රවේශ පත්‍රයක් අවම මිල ලෙස අමෙරිකානු ඩොලර් 2000කට පමණ එනම් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6කට අලෙවි වී තිබෙනවා.
2024 විස්සයි 20 පිරිමි ලෝක කුසලානය පැවැත්වීම සඳහාම විශේෂයෙන් ඉදිකරන ලද ක්‍රීඩාංගනය වන Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අදාළ තරගාවලිය පැවැත්වෙනවා.
මාස 3ක පමණ කාලයක සිට ඉදිවුණු Nassau County ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයන් 34,000කට නැරඹිය හැකි ලෙස ආසන පහසුකම් සලසාදී තිබෙනවා.
ෆෝබ්ස් වාර්තාවකට අනුව, නිව්යෝර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා මුදල ඩොලර් මිලියන 30ක් පමණ වැය වී ඇති බව සැලකිය හැකියි.
මෙම සැලකිය යුතු ආයෝජනය සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන බව හා ලොව පුරා විශාලම ආකර්ශනයක් දිනාගත් තරගය මෙය වන බව තරග සංවිධායකයන් පවසනවා.