රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන හොයන්න කමිටුවක්

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාළ වෘත්තිය සමිති කණ්ඩායම් විසින් වරින් වර නියෝජනයන් ඉදිරිපත් කළා.

එලෙස ඉදිරිපත් කරනු ලැබූ නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් එම විෂමතාවන් නිවැරදි කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.