හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔහුට මත්කුඩු ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව පොලිසිය උපාය දූතයෙකු යොදවා මත්කුඩු මිලදී ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කොළඹ සුරාබදු ප්‍රධාන කාර්යාලයේ රාජකාරියේ නියුතු සුරා බදු නිලධාරියකු බව අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සුරා බදු නිලධාරියාගේ සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු, අයිස්, ගංජා, ඩිජිටල් තරාදියක් සහ මුදලින් රුපියල් දස දහසක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.