යාපනය සරසවියේ සිසුන් 17ක් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමග අත්අඩංගුවට.

ඊයේ රාත්‍රියේ යාපනය පොලිසිය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශය තුන්වන වසරේ සිසුන් 17 දෙනෙකු විවිධ මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම ඔවුන්ගේ නේවාසිකාගාර පරික්ෂා කිරීමේ දී මත්ද්‍රව්‍ය සහ මත් පෙති විශාල ප්‍රමාණයක් හමුවී ඇති බවත් පොලිසිය පවසයි.

යාපනය නගරයේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වෙළදුන්ගෙන් ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *