ඉරානයේ අන්තර්වාර ජනපති ගැන හෙළිදරව්වක්

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි මහතා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු වුණා.

ඒ අනුව ඉරානයේ මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් ඇතිවී තිබෙනවා.

එරට තුළ පවතින ව්‍යවස්ථාවට අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වනවිට එරට තුළ “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා එම තනතුරට පත්කරණ බවයි වාර්තා වන්නේ.

එම තනතුර මේ වනවිට දරණු ලබන්නේ 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් විසින්.

ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වන බව එරට මාධ්‍ය පවසනවා.

ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතුයි.

එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියායි.

නමුත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැක්කේ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අනුමැතිය මත පමණි.

ඉරානයේ සිදුකෙරෙන ඕනෑම කටයුත්තක අවසාන තීරණය ඔහු සතුයි.