පොලීසියේ ඉහළ පුටු කිහිපයක් වෙනස් වන ලකුණු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු කිහිපයක ස්ථාන මාරු ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ පොලිස් මූලස්ථානයේ අනුමැතිය මත මෙම ස්ථානමාරු සිදුකිරීමට නියමිත බවත් එම ස්ථාන මාරු සඳහා අද දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය හිමිවනු ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පුත්තලම දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කොළඹ අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, අධ්‍යක්ෂ මානව සම්පත් කළමණාකරණ සහ පොලිස් ඔම්බූස්ට්මන් යන තනතුරුවලට අදාළවද ස්ථාන මාරුවීම් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *