ඉරාන ජනපතිගේ මරණය තහවුරු වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබෙනවා.

කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බවයි සඳහන් වන්නේ.