ඉරාන ජනාධිපති රැගත් යානය කඩා වැටුණා ද ?

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත්වුණු ස්ථානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කෙරුණු නමුත් තවමත් එම ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකි වූයේ නැතැයි ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හදිසියේ ගොඩබෑමට නියමුවන් උත්සහ කළ අවස්ථාවේදී එය අනතුරට පත් වුණු බවයි වාර්තා වන්නේ.

යානය කඩා වැටෙන්න ඇතැයි සැක කෙරෙනවා.