ලක් අම්මට සිරගෙදර දී වදදෙන්න කිව්ව දේශපාලනඥයන්

“මම සිර ගෙදර ඉන්නකොට දේශපාලකයින් නියෝග දීලා තිබුනා මට වද දෙන්න කියලා. හැබැයි මට කිසිම කරදරයක් වුණේ නැහැ. සිර ගෙදර දී මට හැමෝගෙම ආදරය ලැබුණා.”යනුවෙන් මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවා.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (02) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පැමිණි අවස්ථාවක දීයි.

“ශ්‍රී ලංකාවේ තරම් ලෝකයේ කිසිම සිර ගෙදරක් මෙහෙම පිරිලා නැතුව ඇති. මත්ද්‍රව්‍ය වලට කියලා අද සිර ගෙදර ඉන්නේ අහිංසක මිනිස්සු. මත්ද්‍රව්‍ය විකුණන ලොකු මිනිස්සු කවුරුත් සිරගෙදර නැහැ. මගෙ මහත්තයා හිටියේ මැගසින් මන්ධනාගාරයේ එයා දැකල තිබුනෙත් නෑ ලොකු ලොකු කුඩු මුදලාලිලා ඇතුළෙ ඉන්නවා.”

“එක එක මෙහෙයුම් කරලා සිරගෙවල් පුරවලා වැඩක් නැහැ. පොඩි පොඩි මිනිස්සු හිරේ දාලා ඒ සල්ලිවලින් රජය පොහොසත් වෙනවා. අන්තිමට හිර ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නත් සල්ලි වියදම් කරන්නේ ආණ්ඩුවෙන්. මේ බොරු වැඩ නවත්තන්න. අල්ලනව නම් අල්ලන්න මේ බිස්නස් එකේ මහ මොලකරුවන්ව යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියා.”

“සිර ගෙවල් තියෙන්නේ පුරවන්නට නෙමෙයි. සිර ගෙවල් තියෙන්නේ හිස් කරන්න. ඒ සදහා රටේ එක නීතියක් හදන්න.” යනුවෙන්ද දමිතා අබේරත්න මහත්මිය අවධාරණය කළා.

වැඩිදුර විස්තර මෙතැනින් බලන්න