අද ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය හිමිවනු ඇතැයි නේටෝ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ෆින්ලන්තය නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා බවට පත් වනු ඇති.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමග ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ස්විඩනය ද සමග ඉල්ලා සිටියාය.
නේටෝ සංවිධානයට නව සාමාජිකයෙකු එක් වන්නේ නම් ඒ සඳහා වත්මන් සාමාජික රටවල් තිහේම අනුමැතිය හිමිවිය යුතු වේ.
ඒ අනුව සාමාජික රටවල් 29 ක් ෆින්ලන්තයට කැමැත්ත පළ කළ නමුත් විවිධ කරුණු පදනම් කර ගනිමින් තුර්කිය, ෆින්ලන්තයට සිය අනුමැතිය ලබාදුන්නේ නැහැ. ඒ අනුව ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබාගැනීම ප්‍රමාද විය.