ලංකාව දාලා මම කොහේවත් යන්නේ නෑ

මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ පදිංචියට යන බවට පලවන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නිවේදයන් නිකුත් කරමින් ඒ මහතා පවසා සිටිනවා.

තමාට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටකට පදිංචියට යාමට අවශ්‍යතාවයක් නොමැති බව සිරිසේන මහතා නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දේශපාලන ප්‍රතිවාදීන් විසින් මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අධිකරනයේ වාරණ නියෝගයක් පනවා තිබෙනවා.

එබැවින් පක්ෂයේ බලයලත් නිළධාරීන් විසින් ලෝක කම්කරු දිනය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවද ඔහු දන්වා සිටියා.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දිනය ගම්පහ නගර සභා භූමියේදී පැවැත්වීමට නියමිතයි.