අමෙරිකාවේ නැවට ලංකාවෙන් අවසර නෑ – කෑම සහ වතුර දෙන්නේ මෙහෙමයි

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබෙනවා.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව ඉහත පියවර ගෙන ඇති බව සඳහන්.

අමෙරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ තිබෙනවා.

අදාල ඇමරිකා නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද එම අවසරය දී නැතැයි වාර්තා වනවා.

මීට පෙරදීත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.