කොන්දේසි පහකට යටත්ව රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයට එකඟයි -ගම්මන්පිල කයයි.

කොන්දේසි පහකට යටත්ව රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ව්‍යවසායන්ට බඳවා ගන්නේ පාක්ෂිකයා මිස දක්ෂයා නොවේ. ඉතින් පෞද්ගලික ව්‍යවසායේ ඉන්නා දක්ෂයා සමග පාක්ෂිකයාට තරග කරන්න බෑ තමයි. ඒ වගේම පෞද්ගලික ව්‍යාපාර මිල දී ගන්නේ අඩුම මිලට තිබෙන ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයි. රාජ්‍ය ව්‍යවසාය මිල දී ගන්නේ වැඩිම කොමිස් මුදල ගෙවන සැපයුම්කරුවාගේ භාණ්ඩයි. සෑම රාජ්‍ය ව්‍යවසායකටම මේ කරුණු අදාළ නොවුණත් සාතිශය බහුතරයක් සම්බන්ධයෙන් මේ කරුණු අදාළයි. ඒ නිසා කොන්දේසි පහකට යටත්ව අපි පෞද්ගලිකරණයකට එකඟයි.”

“දැනටමත් පෞද්ගලිකරණයට තෝරා ගෙන තිබෙන ආයතන සඳහා විකුණන්නේ කාටදැයි කියන එකත් කලින්ම තීරණය කරලා ඉවරයි කියලා විවිධ කටකතා පැතිරෙනවා. පෞද්ගලිකරණය සඳහා ආණ්ඩුව ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් යුගවල මෙන් පරණ පාරේ ගියොත් කොමිස් කුට්ටි සඳහා රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණන්න හැදුවොත් “රාජ්‍ය සම්පත් සුරකිමු” කියන සටන් පාඨයට යලි පණ ඇවිල්ලා මේ ආයතනවල බර ඊ ලඟ පරම්පරාවටත් පැවරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *