ඉරාන ජනපති ලංකාවේ සිටිය දී අමෙරිකාවෙන් කළ අනතුරු ඇඟවීම

ඉරානය සමග වෙළෙඳ ගණුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බවට අමෙරිකාව අද අනතුරු ඇඟවනු ලැබුවා.

අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුවයි.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩිකිරීමට ද යෝජනා කළ බව වාර්තා වෙනවා. 

ඔහුගේ පකිස්තාන සංචාරයේ එක් ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් වූයේ දෙරට අතර පැවති ගැටලු නිරාකරණය කර ගැනීමයි.