වාහන මිලදී ගන්න සූදානමින් ඉන්න ඔබට මුදල් රාජ්‍ය ඇමතිගෙන් උපදෙසක්

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

2015 වසරේ සිට 2022 වසර දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙනවා.

මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රජසන්තක කිරීම සිදු කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වයන්වල වගකීම බවයි.