දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.
එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය පිරිනමන බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් වාර්තා වනවා..