හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර මාස කිහිපයක් ගතව ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.
එසේම විජේරාම මාවතේ ඔහුට ලබා දී තිබූ නිල නිවසද තවමත් භාරදී නොමැති බවයි වාර්තා වන්නේ,
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමතිවරයාව බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන්නේද එම නිල වාහනවලින් බවයි වාර්තා වන්නේ.