හෙටත් තද වැසි

හෙට (13) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා,

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි ඔවුන් දැනුම් දෙන්නේ.