අද රෑ පරිස්සමෙන් – ප්‍රබල අකුණු වදින්න පුළුවන්

දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අද (11) රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා පියවර ගන්නා ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.