අද ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්නත් පුළුවන්

අද (03) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.