එංගලන්ත ජාතික ක්රිකට් කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙකු වන යොවුන් ක්රීඩක හැරී බෘෘක් එළඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී ෙඊමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් බෘෘක් සඳහන් කරන්නේ, සිය මිත්තනියගේ අභාවය හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට තමා තීරණය කළ බවයි.
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසියේ දී, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4කට හැරී බෘෘක් ව මිලදී ගත් අතර බෘෘක්ගෙන් පුරප්පාඩු වූ ක්රීඩක අසුනට කවුරුන් බඳවා ගන්නවා ද නැද්ද යන්න දිල්ලි කැපිටල්ස් පරිපාලනය තවමත් දැනුම් දීමක් කර නැහැ.
බෘෘක්ගේ මිත්තනිය පසුගිය මාසයේ මියගිය අතර තමා කුඩා කාලයේ පටන් සිය මිත්තනියගේ සෙවණැල්ලේ සිටි බැවින් ඇයගේ මරණය තමා තුළ කම්පානයක් ඇති කර ඇතැයි බෘෘක් පවසන්නේ.
බෘෘක් ගේ මිත්තනිය මාස කිහිපයක් අසනීපව සිටි අතර එබැවින් ඔහු ඉන්දියාව සමග පැවති තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියට ද සහභාගී වූයේ නැහැ.