කැනඩාවේ දී ඝාතනය වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු ගැන ගත් තීරණය

කැනඩාවේ ඔටාවාහිදී දී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකකියන් හයදෙනාගේ අවසන් කටයුතු එම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය මගින් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ඔවුන්ගේ ඥාතීන් එම අවස්ථාවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන බව තහවුරු කර තිබෙනවා.

එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ලාංකිකයන් හය දෙනෙකු පසුගිය බදාදා රාත්‍රීයේ ඝාතනයට ලක්වූ ෆ්‍රෑන්ක්ද සොයිසා නැමැති ලාංකිකයෙකු ඝාතකයා ලෙසට සැලකෙනවා.