මිරිස්ස වෙරළ තීරයේ මුහුදේ දියනෑමට ගිය විදෙස් කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන යද්දී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන ඇති පුවතක් වාර්තා වනවා..
එලෙස විදෙස් කාන්තාව බේරාගෙන ඇත්තේ සැරයන් මංජුල, පොලිස් කොස්තාපල් ළහිරු සහ පොලිස් කොස්තාපල් ලක්ෂාන් යන නිලධාරීන් විසිනුයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 47 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක්.