චීන ඇමරිකා ගැටුමට ටික්ටොක් මැදි වෙයි

ටික්ටොක් මෙවලමේ හිමිකාරීත්වය දරණ”ByteDance” නම් චීන සමාගමට අමෙරිකානු රජය විසින් අනතුරු අඟවා තිබේ.

අමෙරිකානු රජය පවසන්නේ චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බවත් ය.

එවැනි ඉල්ලීමක් අමෙරිකාව කළ බව “ByteDance” සමාගම තහවුරු කරයි.

ටික්ටොක් මෙවලම භාවිත කරන අමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව එරට බලධාරීන් පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *