ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අගයන්න අලුත් ක්‍රමයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන, අන්තර්ජාතික තරගවල දී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ තරගයේ දී ඉහළත ම දස්කම් දක්වන ක්‍රීඩකයාට, විවේකාගාරය තුළ දී ම තැඹිලි පැහැති කැප් එකක් සහ සමරු පදක්කමක් පිරිනැමීමට‍යි කණ්ඩායම් කළමනාකාරිත්ව කටයුතු කර ඇත්තේ.

එහි පළමු පියවර ලෙස ඊයේ (06) බංග්ලාදේශය සමග පැවැති තරගයේ දී රැකගත් විශිෂ්ට උඩ පන්දු තුන වෙනුවෙන් චරිත් අසලංකට තැඹිලි පැහැති කැප් එක සහ සමරු පදක්කම, පිරිනැමීමට කටයුතු කෙරුණා.

අසලංකට එම ත්‍යාගය පිරිනැමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන මහතා විසින්.