ජාතික ජන බලවේගයෙ රජයක් යටතේ ජනතාවගේ ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල ලබාදීම සහතික කරන බව එහි නායක අනුර කුමාරදිසානායක පැවසීය. රත්නපුර දිස්ත්‍රික් කාන්තා සම්මේලනය අමතමින් ඔහු කියා සිටියේය.
මැණික් සම්පත, තේ කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තය පදනම් කරගත් කර්මාන්ත මුල් කර ගනිමින් ආර්ථිකය පුනර්ජීවනය කිරීමට දීර්ඝ කාලීන සැලසුම්
තමන් සතු බව් ඔහු වැඩි දුරටත් පැවසීය.
රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව හරහාද රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවත්, ඒ පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ තමන් දැනටමත් සාකච්ඡා කර ඇති බව ඔහු පැවසීය.
ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතු බවත්, නවීණ තාක්ෂණය යොදා ගැනීම, සේවක කාර්යක්ෂම බව වැඩි කිරීම සහ දෙපාර්තුමේන්තුවේ භාවිත වන නීති ඇතැම් නීතී රීති වෙනස් කිරීම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ලැබෙන ආදායම දෙගුණයකින් වැඩි කර ගත හැකි බව ඔහු පැවසීය.
“අපිට මුදල් හොයාගන්න පුළුවන්.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා. රේගු හා සුරාබදු දෙපාර්තමේන්තුවලින් උපයන ආදායමද වැඩිකරගත හැක.සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් රුපියල් බිලියන 90 ක පමණ හිඟ මුදලක් ලැබෙන්න තියනවා . මේ මුදල් එකතුකර ජනතා සුබ සාධනයට යොමුකරන්නට ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කටයුතු කරනවා..” ඔහු පැවසීය.