යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියනු ලබන ජර්මනියේ 2024 වර්ෂය සඳහා ආර්ථික වර්ධනය වේගය සියයට 0.2ක අගයක පවතිනු ඇති බවට එරට ආර්ථික අමාත්‍ය රොබට් හැබෙක් අනාවරණය කරයි.
මේවන විට යුරෝපා කළාපයේ පවතින දැඩි ආර්ථික අර්බුදය ජර්මනියේ ආර්ථික වර්ධනය අඩාල වීමෙන් මනා ලෙස අනාවරණය වේ. ඒ අනුව ආර්ථික අවපාතයකයකට යාම දැඩි ප්‍රයත්නයකින් පසුව වලක්වා ගැනීමට ජර්මනිය සමත්ව ඇති බවද ආර්ථික විශේලේෂකයින් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය හුදෙක් යුරෝපයට පමණක් සීමා නොවන අතර සංවර්ධිත රාජ්‍යන් රැසක් මෙම වසර තුලදී දැඩි ආර්ථික පසුබෑමකට ලක්වනු ඇති බවට පුරෝකථනය කළ හැකි බව බීබීසී පුවත් සේවය අනාවරණය කරයි
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය පමණක් සියයට 2.1ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන අතර ජපානය සියයට එකක වර්ධණයක්ද කැනඩාව, බිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය සහ යුරෝපා කළාපය තුල සමස්ථයක් වශයෙන් සියයට එකකට වඩා අඩු ආර්ථික වර්ධනය අපෙක්ෂා කරයි.
මෙවන් පසුබිමක් පැවතිය, ඉකුත් වසර කීපයේදී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව මෙම වසරේදී සියයට 1.3ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇත. ඒ අනුව බටහිර රටවල් සහ සංවර්ධිත රාජ්‍යන් පිළිබඳ සලකා බලන විට ශ්‍රී ලංකාව ඉතා සාර්ථික වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවට දත්ත වාර්තා අනාවරණය කරයි.