වසරකට හෙදියන් 1250 ක් රට හැර යනවා

පසුගිය වසර දෙක තුළ හෙද සේවයෙන් 2,528 දෙනෙකු ඉවත්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එහි සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි පවසනුයේ ඒ හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවයි.

මෙලෙස සේවයෙන් ඉවත් වූ හෙද හෙදියන් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන් වෙයි .