ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තුන්වන එක්දින තරඟයේ ජයත් ශ්‍රී ලංකාවට .

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තෙවන එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර එම තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 2කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ, ලකුණු 266කි.

පන්දුවට පහර දීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් රහමත් ෂා (Rahmat) ලකුණු 65ක්, ඔමසයි (Omarzai) ලකුණු 54ක්, ගුර්බාස් (Gurbaz) ලකුණු 48ක්, Ikram ලකුණු 32ක් ද ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 3ක්ද, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කඩුලු 2ක බැගින් ද බිද හෙලීමට සමත්විය.

ඒ අනුව ලකුණු 267ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2කදී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 173 අගනා සබඳතාවක් පවත්වා ගැනීමට පැතුම් නිස්සංක සමඟින් අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 91ක් ලබා සිටිය දී දැවී ගියේය.

අගනා පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 118ක් ද, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 40ක් ද රැස්කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Qais කඩුලු 2ක්ද, නබී (Nabi) එක් කඩුල්ලක්ද බිද හෙලීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය 3-0 ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

දැහැමි මධුෂිකා