මියන්මාරයේ සයිබර් වහල් කඳවුරකට මෙරට ලාංකිකයන් යොමු කිරීම ඇතුළු මිනිස් ජාවාරමේ නියැළුණ සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන හතරවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගත් පිරිසට ශ්රී ලාකිකයන් තිදෙනෙක් සහ චීන ජාතිකයෙක් අඩංගු බව වාර්තා වෙයි . මෙසේ අත්අඩංගුවට ගත් හතර දෙනා අතර සිටිනා එක් පුද්ගලයකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය යටතේ තරග කිරීම සඳහා නාම යෝජනා දුන් අයෙකි.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් එක් පුද්ගලයකු අත්අඩංගුට ගැනීමට මහජන සහාය බලාපොරොත්තු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.