ජනතා විමුක්ති පෙරමුණට සිටින්නේ ප්රේක්ෂකයන් ඇති තරම සිටියත්, ඡන්ද දායකයන් නැතිබව බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක පැවසීය . වැඩි දුරටත් අදහස් දැක්වමින් ඔහු පැවසූවේ යථාර්ථවාදී දේශපාලන ක්රියාවලියකට අවතීර්ණ වීමට ජනතා විමුක්ති පෙරමුණට මේ දක්වා නොහැකි වීම කණගාටුවට කාරණයල් බවයි.
“ජනතා විමුක්ති මම දකින්නේ කතන්දර කියන පක්ෂයක් විදියට, රසවත් කතා එයාලා කියනවා. යථාර්ථවාදී දේශපාලන ක්රියාවලියකට එයාලා ඇවිත් නැහැ. එයාලට ඉතිහාසය මතකද දන්නේ නැහැ. එත් රටේ ජනතාව දන්නවා එයාලගේ ඉතිහාසය. දශක 4ක ඉඳන් එයාලා සුන්දර කතා කියනවා. කවුරුවත් එයාලගේ කතා විශ්වාස කරලා නැහැ.
ඉතිහාසයේ යථාර්ථය ඒකයි. මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්ත වැඩපිළිවෙලක් ඔවුන්ට නැහැ. අනික ඔවුන් ආණ්ඩු නියෝජනය කරා එත් ජනතාව වෙනුවෙන් මොනවද කළේ.”