ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යෝජනා කළ පරිදි ප්‍රසිද්ධ විවාදයකට තමා සූදානම් නමුත් ඒ සඳහා එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රතිපාර්ශවය නියෝජනය කරමින් සහභාගී විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .
යම් හෙයකින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම විවාදයට ඉදිරිපත් නොවේ තම නියෝජිතයා ලෙස හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඉදිරිපත් කරන්නේනම් තමාද නියෝජිතයෙක් ඉදිරිපත්කිරීමට සූදානම් බව අමාත්‍යවරයා පැවසීය.
“අනුර කුමාර කිව්වා එයාගේ පක්ෂය ප්‍රසිද්ධ විවාදයකට මගේ අභියෝගය බාර ගත්තා. එයා කිව්වා වසන්ත සමරසිංහ එයාගේ නියෝජිතයා යවනවා කියලා. එයාගේ නියෝජිතයා එවනවා නම් මමත් මගේ නියෝජිතයා එවන්නම්. වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයෙක්වත් නෙවෙයි. එයා නම්. ඊට වඩා රන්ජන් ජයලාල්ව යවන්න පුළුවන්, එතකොට මටත් වෘත්තීය සමිති නායකයෙක්ව විවාදයට යවන්න පුළුවන්,” ඔහු පැවසීය.